university entrance 2026

University entrance percentage G.C.E. Advanced Level Examination 2025

The university entrance percentage was 88.27% at the G.C.E. Advanced Level Examination 2025

university entrance 2026

Congratulations to the students of Sirimavo Bandaranaike Vidyalaya for achieving an outstanding overall university entrance percentage of 88.27% at the G.C.E. Advanced Level Examination 2025. This remarkable achievement reflects dedication, perseverance, and excellence across all streams.

President of the Sri Lanka Schools Badminton Association

Dr. (Mrs.) Sumedha Jayaweera , on her appointment as the president of the Sri Lanka Schools Badminton Association.

Principal Dr. (Mrs.) Sumedha Jayaweera was appointed as the President of the Sri Lanka Schools Badminton Association.

President of the Sri Lanka Schools Badminton Association

With immense pride, we extend our warm congratulations to our esteemed Principal, Dr. (Mrs.) Sumedha Jayaweera , on her appointment as the President of the Sri Lanka Schools Badminton Association.

Her dedication, strength, and inspiring leadership have always guided our school towards excellence. This achievement is a true reflection of her passion and commitment to both education and sports.

We wish her continued success as she takes on this prestigious role and leads with vision and purpose.

PA Sysytem

School New Developments

Reflect on our school’s development

When we reflect on our school’s development, progress is remarkable. From improvements in facilities to stronger academic standards, from enhanced extracurricular opportunities to a more supportive and positive environment, the change is both visible and meaningful.

This transformation is a testament to visionary leadership and consistent dedication. Under your guidance, Principal, our school has not only grown in structure but also in spirit and excellence.

Thank you for your hard work, your commitment to improvement, and for believing in the potential of every student and teacher. Because of you, our school is not just better it is stronger, brighter, and more inspiring for future generations.

WhatsApp Image 2025-12-20 at 11.19.36 PM

උත්සව අවස්ථාවේ ගැටලුකාරී පරිසරයක් නිර්මාණය කිරීම

සිරිමාවෝ වර්ණ ප්‍රධාන උළෙල 23/24*

අඩසිය වසක ඉතිහාසයක් ඇති සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය තුළ ක්‍රීඩා විෂය සමගාමී හා අධ්‍යාපන යන ත්‍රක්ෂේත්‍ර තුළින් ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ශිෂ්‍යාවන් විශාල පිරිසක් මේ වන විට බිහිවී ඇත.

ඒ අතරින් 2023 සහ 2024 වර්ෂයන්වල ක්‍රීඩා අංශයෙන් දක්ෂතා දැක්වූ සිරිමාවියන් වෙත වර්ණ ප්‍රධානය කිරීම 2025/12/19 වන දින සිදුවිය. මෙම වර්ණ ප්‍රධානෝත්සවය වත්මන් විදුහල්පතිනිය ආචාර්ය සුමේධා ජයවීර මැතිණියගේ මූලිකත්වයෙන් වසර 7 කට පසු සංවිධානය වූ බැවින් අප පාසල තුළ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක් විය. මෙම උත්සවයේ තම පාසල් ජීවිතය තුළ ක්‍රීඩිකාවකට එක් වරක් පමණක් හිමිවන ” විශිෂ්ටතම ක්‍රීඩිකාව ” ( The Most Outstanding Sports Women ” )යන ශීර්ෂය යටතේ සම්මානයක් ප්‍රදානය විය. එම සම්මානය අර්ථ දැක්වීමට සහ එය ලබා ගැනීමට තිබිය යුතු සුදුසුකම් හා නිර්ණායක පාසල විසින් තීරණය කර අදාළ ක්‍රීඩිකාවන්ට කල්වේලා ඇතිව අයදුම් කිරීමට පෙර දැනුවත් කර ඇත. එම නිර්ණායක නම්,

  1. සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක් තනි ඉසව්වකින් ලබා තිබීම සහ
  2. සමස්ත ලංකා වාර්තාවක් තබා තිබීම සහ
  3. ලංකාවේ විශාල පාසල් සංඛ්‍යාවක් එම ක්‍රීඩාව සඳහා සහභාගී වීම සහ
  4. සමස්ත ලංකා වාර්තාවක් සමඟ ප්‍රථම හෝ දෙවන ස්ථාන ලබා තිබීම සහ
  5. ජාත්‍යන්තර තරගයකින් පිළිගත හැකි ස්ථානයක් ලබා තිබීම.
    මෙම වර්ණ ප්‍රධානයන්ගේ මූලික පරමාර්ථය වන්නේ හුදු පදක්කම් පැළඳවීමක්ම නොවන අතර ක්‍රීඩිකාවන් තුළින් දරුවන් ලබන ජය පරාජය ඉවසා ගැනීමට හුරු කිරීමයි. අන් අයගේ ජයග්‍රහණ ඉදිරියේ සතුටු වී සුභපැතීමට හැකියාව ලැබීම, හික්මීම ප්‍රගුණ කිරීම හා පාසලේ කීර්තිනාමය වඩා වර්ධනය කිරීමද ඇතුළත් වේ.

යම් ක්‍රීඩිකාවකට තමාට හිමි සම්මානය හෝ වර්ණ ප්‍රධාන නිර්දේශය සම්බන්ධව යම් ගැටළුවක් ඇති විනි නම් ඒ පිළිබඳ අභියාචනාවක් ඉදිරිපත් කිරීම හෝ ක්‍රීඩා මහත්මීන් හමුවී සාකච්ඡා කිරීම හෝ ගරු විදුහල්පතිනිය වෙත කරුණු දැක්වීමට සාධාරණ අවස්ථාවක් මෙහිදී ලබා දී තිබූ අතර කිසිදු ක්‍රීඩිකාවක් විසින් නිර්දේශ සම්බන්ධව කිසිදු ගැටළුවක් යොමු කර නොතිබුණි.

තවද උත්සවයට පෙර සියලුම වර්ණ හා සම්මානලාභී දියණියන්ගේ දෙමව්පියන් වෙනුවෙන් මෙම උත්සවයේ කටයුතු කෙරෙන ආකාරය පිළිබඳවත්, වර්ණ ප්‍රධානය සිදුකළ නිර්ණායක පිළිබඳවත් දීර්ඝ පැහැදිලි කිරීමක් ගරු විදුහල්පතිනිය විසින් සිදු කරන ලදී. එම අවස්ථාවේද කිසිදු දියණියක් හෝ දෙමාපියෙක් කිසිදු ගැටළුවක් ඉදිරිපත් කර නොමැත.

කරුණු මෙසේ තිබියදී විශේෂ සම්මානය හිමි වූ ස්කොෂ් ක්‍රීඩිකාව ( මේ වන විට ඇය ආදි ශිෂ්‍යාවකි ) විසින් උත්සව අවස්ථාවේ සජීවීව යම් ගැටලුකාරී පරිසරයක් නිර්මාණය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය.මෙසේ ප්‍රසිද්ධ වේදිකාවක යම් ක්‍රීඩිකාවක් තමාට පෞද්ගලික වන ගැටලුවක් එකවර උත්සව සභාවට ඉදිරිපත් කර සිටීම මගින් පාසලේ කීර්ති නාමයට ඉමහත් හානියක් සිදුවූ අතර මෙවැනි වැදගත් උත්සවයක් සංවිධානය කර ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වන විනය හා පාසලේ කීර්තිය ඔපනන්වීම යන කරුණු ඉටු කර ගැනීම අපහසුය. එසේම මෙමගින් ඉදිරි පරම්පරාවට ගම්‍ය වන්නේ වැරදි ආදර්ශයක් බැවින් එම ක්‍රියාව පාසලේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කරන සමස්ථ පාසල් ප්‍රජාව වශයෙන් , අප සියලු දෙනා තරයේ හෙලා දකිමු. තවද ඉදිරියේදී පාසැල් දියණියක් විසින් මෙවැනි ශික්ෂණයකින් තොරව කටයුතු කරයි නම් ඒ පිළිබඳව කරුණු සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද පාසල් ප්‍රජාව ලෙස අප ඉල්ලා සිටිමු. ” විශිෂ්ටතම ක්‍රීඩිකාව ” ( The Most Outstanding Sports Woman ) සම්මානය ජයග්‍රහණය කෙරූ අති දක්ෂ පිහිනුම් ශූරියක් වන නභාෂි පෙරේරා සිරිමා දියණිය ලැබූ දෙස් විදෙස් තරග ජයග්‍රහණ පිළිබඳ විස්තර මේ සමග ඉහතින් දක්වා ඇත.

උක්ත ස්කොෂ් ක්‍රීඩිකාවට එම සම්මානය නොලැබුනේ ඇය එම සම්මානයට සුදුසුකම් නොලැබුන නිසා මිස ඇය පෙරහුරුවට නොපැමිණි නිසා නොවේ.ඇය පෙරහුරුවට නොපැමිණියද ඇයට ලැබිය යුතු වර්ණ සහ විශේෂ සම්මානයක් ද ලබා දී ඇත .

ස්තුතියි.
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය*සමස්ත *පාසල් ප්‍රජාව .