Sirimavo Bandaranaike Vidyalaya

School Uniform Policy

Primary School Uniform Specifications

Primary school uniform front policy
Primary school uniform back policy

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාසල් නිල ඇඳුම

  • කරපටිය අඟල් 3/4 කි. කරපටිය හා අත පටිය අල්ලා ඇඟ ඇතුළට නවා වාටි මැස්මෙන් අතේ මැසිය යුතුය.
  • ඉනේ සිට අඟල් 1 1/2 ක් පහලට කද උස තිබිය යුතුය.
  • ගවුම් සාමේ උස දණහිස සිට අඟල් එකහමාරක් ඉහලින් තිබිය යුතුය.
  • ගවුමේ පිටුපස කද සම්පූර්ණයෙන් විවෘත කර සුදු ෂර්ට් බොත්තම් හා බොත්තම් කාස මසා තිබිය යුතු ය.
  • ගවුමේ රැලි වල පරතරය අඟල් 1 1/4 විය යුතුය.
  • ගවුම් සායේ වාටිය අඟල් 1 1/2 ඇතුලට නවා වාටි මැස්මෙන් මැසිය යුතුය.
  • ඉදිරිපස කරේ ගැඹුර බෙල්ලේ සිට අගල් 1 පහලට වනසේ සකස් කළ යුතුය
  • ලේස් නොමැති සුදු සපත්තු සුදු මේස් පැලඳිය යුතුය.
  • දරුවාගේ කොන්ඩය කන ළඟට කපා පැත්තට පීරා තිබිය යුතුය.

Upper School Uniform Specifications

Upper school uniform front policy
Upper school uniform back policy

6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා නිල ඇදුම

  • ඉදිරිපස කරේ ගැඹුර බෙල්ලේ සිට සෙන්ටිමීටර් දෙකක් හා අත උරහිසේ සිට අඟල් තුනක් පහළට ලොකු ශිෂ්‍යාවන් සඳහා ද, අඟල් දෙකක් පහලට පොඩි ශිෂ්‍යයාවන් සඳහා තිබිය යුතුය.
  • ඉන පටිය ඉනේ රැඳී තිබිය යුතුය
  • සාය ඉන්නේ සිට දණහිස් වැසෙන සේ තිබිය යුතුය
  • එක සමාන රැලි තුනක් දෙපසින් සහ අඟල් හයක් පළල එක රැල්ලක් සාය මැද තිබිය යුතුය
  • වාටිය සිහින්ව මසා තිබිය යුතු ය
  • ගවුමේ පිටුපස කර බෙල්ල ළඟටම තිබිය යුතු අතර ගවුම පිටුපස විවෘතකර, කරේ මුල සිට ඉන දක්වා එය හොඳින් පියවන සේ කමිස බොත්තම් සහ කාස අල්ලා තිබිය යුතුය
  • පිටුපස සාය අඟල් 6 කින් යුත් මැද රැල්ලක් සහ එක හා සමාන රැලි 3 බැගින් දෙපසට තිබිය යුතුය. එක සමාන රැලි තුනේ දිග අඟල් එකහමාරක් විය යුතුය.
  • ගවුමේ ඉන පටිය ශිෂ්‍යාවගේ අත පහලට දිගු කර පසු වැලමිට අසල රැඳී තිබිය යුතුය.
  • පාසල් නිල ඇදුම ශිෂ්‍යයාවන් බිම දණ ගැසූ පසු ගවුමේ වාටිය පොළවොව මට්ටමට ගෑ විය යුතුය
  • සපත්තු සහ මෙය පනි සුදු පාට විය යුතුය

Click here to get a printable version of the school uniform specifications.